පාතාල කල්ලි නායකයක මිදිගම රුවන්ගේ පෙත්සමක් නිෂ්ප්‍රභයි

STF Law and Order Prisons in Sri Lanka Latest Headlines Sinhala news
By Kaushi Sep 04, 2025 05:49 AM GMT
Kaushi

Kaushi

Report

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂා කිරීම් වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් තම නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා සඳහා පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම තීන්දුව නිකුත් කර ඇත.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

එසේම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සමේ සඳහන් නඩු නිමිත්ත තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරිමට පෙත්සම්කරු අසමත් වී ඇති බව ප්‍රකාශ කළා.

තවද විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි. අඳාළ පෙත්සම්කරු සඳහන් කළේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පරීක්ෂා කිරීම් ඇතුළු අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම බන්ධනාගාර පනතේ විධිවිධානවලට පටහැනි බවයි.

එනිසා අඳාළ පෙත්සමෙන් එම බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා ඇත.

“විෂ ඉඟිය” එක්ක ලක් මව බැබළු ලක්ෂිත

“විෂ ඉඟිය” එක්ක ලක් මව බැබළු ලක්ෂිත

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්