විදෙස් ශ්‍රමික දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර

Report

"කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම" යන සංකල්පය යටතේ, ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීමට ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ වේ.

ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

විදේශ රටවලදී මිය යන, ආපදාවලට ලක්වන, සිරගත වන හෝ අතුරුදහන් වන ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙහි අරමුණයි. එසේම, විදේශ රැකියා සඳහා භාෂා හැදෑරීම, නිපුණතා වර්ධනය, සහ ග්‍රාමීය තරුණ තරුණියන්ට සංචාරක කර්මාන්තයේ නිපුණතා සඳහා මූල්‍යාධාර ලබා දීමද මෙම වැඩපිළිවෙළට ඇතුළත්ය

මෙම වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (03) ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය

විදේශ රැකියා අංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝගල වික්‍රමසිංහ, සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වූහ.

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි