සරසවි සිසුන්15ක් මහ රෑම CID එකෙන් අත්අඩංගුවට, 06 දෙනෙක්ම සිසුවියෝ
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවියන් 06 දෙනෙක් සහ සිසුන් 09 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (03) දින රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ තාක්ෂණ පීඨයේ 21/22 අධ්‍යන වර්ෂයේ ශිෂ්‍යාවන් පිරිසකට අසභ්‍ය වචන කියමින් බැන තර්ජනය කර නවක වදය ලබාදීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.
ඒ අනුව මෙම සිසුන් 15 දෙනාගෙන් සිසුවියන් 6 දෙනා බණ්ඩාරවෙල, අතුරුගිරිය, ඇටම්පිටිය, කෝට්ටේ, ගල්අමුණ සහ ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල පදිංචිව සිටින බවත් සඳහන්.
එමෙන්ම සිසුන් 9 දෙනා අලහේනේගම,කන්තලේ,ගම්පොල, වතුරුගම, අඟුරුවාතොට, මීවනපලාන, පන්නිපිටිය, හුගස්තලාව, බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.