වගාවන්ට හානි කරන වන සතුන් එළවන්න රජයෙන් අලුත් වැඩක්

Report

වන සතුන් පළවා හැරීමට ශබ්ද තරංග භාවිතා කිරීම පිළිබඳව පොල් පර්යේෂණ ආයතනය මඟින් සිදුකළ පර්යේෂණය අවසන් අදියරේ පවතින බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ ප්‍රකාශ කළා.

ඒ අනුව අධ්‍යක්ෂවරිය මේ බව සඳහන් කර සිටියේ කළ විමසීමකට අදහස් දක්වමින්.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

එසේම මෙම ශබ්ද තරංග යන්ත්‍ර වගාවන්ට හානි සිදුකරන වන අලින් ,වදුරන් රිලවුන් වැනි සතුන් ඉලක්ක කර ගනිමින් සකසා තිබෙනවා.

තවද අධ්‍යක්ෂකවරිය පවසා සිටියේ පර්යේෂණ වලට අනුව මෙම ශබ්ද තරංග යන්ත්‍ර හරහා වනසතුන් පළවා හැරීම දැනට නිර්දේශ කළ හැකි මට්ටමේ පවතින බවයි.

එබැවින් වගා භූමියන් තුළ මෙම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීමට නියමිතව ඇති බවත් එලෙස පරීක්ෂා කිරීමේ වට කිහිපයකින් අනතුරුව වනජීවී දෙපාර්තමෙන්තුව සමඟ එක්ව වගාකරුවන් වෙත ශබ්ද තරංග යන්ත්‍ර ලබාදිය හැකි බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද - වේලාව මෙන්න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද - වේලාව මෙන්න

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්