පිස්සු තිරිසනුනේ, ඔය සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරපල්ලා - ඉරානෙට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
අද (05) සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඉතා රළු සහ අපහාසාත්මක භාෂාවකින් මෙම තර්ජනය එල්ල කර ඇත.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව මීට මාසයකට පෙර ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබුණි.
ජනාධිපති ට්‍රම්ප් සිය සටහන අවසන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ,
"පිස්සු තිරිසනුනේ, ඔය සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරපල්ලා, නැත්නම් උඹලා නිරයේ ජීවත් වෙන්න සූදානම් වෙයල්ලා - බලාගෙන හිටපල්ලා!" යනුවෙනි. පාස්කු ඉරිදා උදෑසන තැබූ මෙම සටහන "අල්ලාහ් දෙවියන්ට ප්‍රශංසා වේවා"
යන උපහාසාත්මක වැකියකින් අවසන් කර තිබීම ද විශේෂත්වයකි.