ට්‍රම්ප් චීනයට තර්ජන එල්ල කරමින් කියූ දේ

Zara
Report this article
අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසන්නේ අමෙරිකාවේ භාණ්ඩ මත චීනය විසින් පනවා ඇති තීරු බදු ඉවත් නොකළහොත් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර 50%ක බද්දක් පනවන බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එය පසුගිය සතියේදී ඔහු චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ප්‍රකාශයට පත් කළ 34%ක තීරුබදුවලට අමතරව මෙම නව බදු පැනවෙනු ඇති බවය.
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා මින් පෙර 20%ක බද්දක් පැනවීමටත් අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණු අතර අප්‍රේල් 09 වැනි දින සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් 34%ක බද්දක් පැනවීමටත් තීරණය කෙරුණා .
මේ අතරම යම් හේතුවකින් නව බදු පැනවීමක් සිදු වුවහොත් චීනයෙන් අමෙරිකාව වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 104%ක බදු පැනවීමක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් විසින් පැනවූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් පළිගැනීමේ චේතනාවෙන් අමෙරිකානු භාණ්ඩ සඳහා බදු පනවා ඇති බවය.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය දින චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 34%ක තීරු බදු ප්‍රකාශයට පත් කිරීමේන් අනතුරු ඊට ප්‍රති උත්තර ලෙස චීනය විසින් අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 34%ක තීරු බදු පනවනු ලැබීය.
