"ඇමරිකාවෙන් ගහන බදු වලට අපි හැමෝම එකතුවෙලා මුහුණ දෙන්න ඕනි" - ජනපති කියයි

Report

අද (07) පැවති මැතිවරණ ජනරැලියකදී ඇමරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

වසර 3කට පෙර පාතාලයේ පින්තු ඝාතනයට පළිගැනීමක් (UPDATE)

වසර 3කට පෙර පාතාලයේ පින්තු ඝාතනයට පළිගැනීමක් (UPDATE)

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ,

"භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹිලා තියෙනවා. එය විසඳාගැනීම සඳහා උත්සහා සහ සාකච්ඡාකරමින් සිටිනවා. ඒ වගේම එය විසඳාගැනීම සඳහා ප්‍රයත්න දරන ගමන් එවැනි අභියෝගයකට මුහුණදීලා අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් හදමින් තිබෙනවා. ඒක අපි අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් මේ නිශ්චිත මොහොතේ මතුවෙලා තියෙනවා. එහෙත් අපේ ආර්ථිකය ඉතාමත් හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් තිබෙනවා. ඒ ප්‍රශ්නයට අපි මුහුණ දියයුතු වන්නේ ජාතියක් හැටියට. ඒ නිසා මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම මැදිමත්වන ගමන් එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා ජාතිකයක් හැටියට සූදානම් විය යුතුව තිබෙනවා." යනුවෙනි.

මෙන්න ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ලැබුණු විශේෂ නිවේදනයක්

මෙන්න ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ලැබුණු විශේෂ නිවේදනයක්

පිරමීඩ ජාවාරම නිසා අහිමි වූ ජිවිත

පිරමීඩ ජාවාරම නිසා අහිමි වූ ජිවිත