කොච්චර ලොක්කෙක් වුණත් මට අඳාළ නෑ, එලොන් මස්ක්ව එළවනවද නැද්ද කියලා ට්‍රම්ප්ගෙන් තීරණයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් අතර ඇති ආරවුල මේ වනවිට දිනෙන් දින තීව්‍ර වෙමින් ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ට්‍රම්ප් ඉදිරියේ දී එලොන් මස්ක්ව පිටුවහල් කිරීමේ සැලසුමක් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මේ ආරංචිය පැතිරීමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇත.
ඒ අනුව ට්‍රම්ප් පවසා ඇත්තේ බදු සහන සහ වියදම් කප්පාදු පනත නීතියක් බවට පත් වුවහොත් එලොන් මස්ක්ට විදුලි වාහන සහනාධාරවලට වැඩියෙන් තවත් බොහෝ දේ අහිමි විය හැකි බවයි.
කෙසේ වෙතත් ටෙස්ලා හිමිකරු සේම ප්‍රකෝටිපතියෙක් ද වන එලොන් මස්ක්ව අමෙරිකාවෙන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයකට මෙසේ ට්‍රම්ප් අද (01) දින ප්‍රතිචාර දක්වා ඇත්තේ හිටපු මිත්‍ර පාක්ෂිකයින් දෙදෙනා අතර ඇති ආරවුල යළිත් ඇවිළෙන තත්ත්වයක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ, " මම දන්නේ නැහැ අපි ඒ ගැන සොයා බැලිය යුතුයි, අපිට එලොන්ට DOGE දාන්න වෙයි "
ඔහු මෙසේ පවසා ඇත්තේ ෆ්ලොරිඩාවට යන ගමනක් සඳහා ධවල මන්දිරයෙන් පිටත්ව යන අතරතුර බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබෙනවා.
මෙහි DOGE යනු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව බව සඳහන්.
ට්‍රම්ප් ජනාධිපති ධුරයට දිවුරුම් දීමෙන් අනතුරුව ට්‍රම්ප් රජයේ වියදම් කපා හැරීමට මස්ක්ට DOGE භාර දුන් අතර පසුව ට්‍රම්ප් සහ මස්ක් අතර හටගත් ආරවුල්කාරීත්වය මත මස්ක් ඉන් ඉවත් ඇති බවත් වාර්තා වේ.
