නොරෝච්චෝල බලාගාරයට ගල්අඟුරු රැගත් 'IVS TRADER' නෞකාව පුත්තලමට
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව නොරෝච්චෝල ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික් ටොන් තොගය රැගෙන ආ 'IVS TRADER' නෞකාව පුත්තලම නාවික තීරයට ළඟා වී තිබේ.
අදාළ භාණ්ඩ තොගය සම්බන්ධයෙන් අදාළ ආයතන මඟින් සිදුකරනු ලබන ප්‍රමිතිය සහ තත්ත්ව පරීක්ෂාවන් කඩිනමින් අවසන් කර, අද (04) පස්වරුවේ සිට ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
මේ අතර, නොරෝච්චෝල බලාගාරයේ පවතින ගල්අඟුරු සංචිත සහ ඉදිරි ධාවන කටයුතුවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද උදෑසන ලක්විජය බලාගාර පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.