ඇයි තාත්තට ගැහුවේ? සර්ට අයිතියක් නෑනේ තාත්තට ගහන්න.. ID එක ළඟ නෑ කියලා ගහනවද? බුකියේම ලැව්ගින්නක් වුණ පුවත ගැන පොලිසියෙන් ප්‍රතිචාර

Report

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහරදීමක් සිදුකර ඇති බව කියන සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිසිය සඳහන් කර ඇත්තේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිභාහිරව රාජකාරි සිදුකරනු ලබන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශන සිදු වන බවයි.

තාත්තා බීලා හිටියට සර්ට ගහන්න අයිතියක් නෑනේ.. මේ මනුස්සයගේ ලේ බලන්නකෝ.. නෑ මම යන්නෑ.. - තාත්තට ගැහුවට පුතා පොලිසිය දෙවනක් කරයි

තාත්තා බීලා හිටියට සර්ට ගහන්න අයිතියක් නෑනේ.. මේ මනුස්සයගේ ලේ බලන්නකෝ.. නෑ මම යන්නෑ.. - තාත්තට ගැහුවට පුතා පොලිසිය දෙවනක් කරයි

මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණ වන වීඩියෝව ගැන පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු දිවයාමට උත්සාහ දරා ඇති බවත් දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බවත්ය.

කෙසේ වෙතත් එම පුද්ගලයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දින (25) බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලදාරීයා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයාව ඇප මත මුදා හැරීමටද නියෝග කර ඇත.

පෙරපාසල් දරුවගේ ඇඳුම ගලවලා ගහලා - බයට හෘදයාබාධයෙන් දරුවා මියගිහින් - CCTV නිසා ගුරිවරිය අතටම මාට්ටු

පෙරපාසල් දරුවගේ ඇඳුම ගලවලා ගහලා - බයට හෘදයාබාධයෙන් දරුවා මියගිහින් - CCTV නිසා ගුරිවරිය අතටම මාට්ටු