තවදුරටත් ජීවත් නොවෙන මනුස්සයෙක්ට ඍජුව හෝ අනියමාර්ථයෙන් අපහාස කරන එක නවත්තන්න.. චූලාට කතා කියපු හැමෝටම චන්දිමාල්ගෙන් කනේ පාරක් [VIDEO]
ඊයේ(31) දින මුළු රටම කම්පාවට පත් කරමින් මෙලොවින් සමුගත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ අභාවයත් සමඟ කලා ක්ෂේත්‍රය මෙන්ම මුළු සමාජ මාධ්‍ය ජාලයම දැඩි කම්පාවකට ලක්ව ඇත.
එසේම ඇගේ වියෝවත් සමඟ ඇය ගැන විවිධ මතක, විවිධ සටහන් සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වන්නේ ඈ ගැන මතක අවුස්සමින්.
එවැනි පසුබිමක ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අසංවේදී ආකාරයට හැසිරෙමින් ඈ පිළිබඳ සිදුකරන විවිධ ප්‍රකාශ සහ විවේචන සම්බන්ධයෙන් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හා ඉසව් සංවිධායක චන්දිමාල් ජයසිංහ දැඩි ආවේගයකින් යුතුව සිය අප්‍රසාදය පළ කර ඇත.
ඒ සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඉතා සංවේදී මෙන්ම ප්‍රබල සටහනක් තබමින්.
එම සටහන පහතින් උපුටා දක්වා ඇත,
" කරුණාකර අහිමි වීමකදී ගෞරවාන්විතව නිහඬ වෙන්න ඉගෙන ගන්න. මිනිස්සුන්ගේ කටවල් තියෙන්නේ නිතරම ඇරගෙන ඉන්නම නෙමේ. ඒ කටට පුලුවන් මුනිවත රකින්න. සමාජ මාධ්‍ය ඉඩට තමන්ගේ විපරිතකම නොපෙන්වා ඉන්න ඉගෙන ගන්න. අහිමි වීමකදී හිස පහත් කරලා ශෝකය ප්‍රකාශ කරන්න ඉගෙන ගන්න." තවදුරටත් ජීවත් නොවෙන මනුස්සයෙක්ට ඍජුව හෝ අනියමාර්ථයෙන් අපහාස කරන එක මනුශ්‍ය සහකම්පනය නෙමේ. ඒ නිසා ඔබලාගේ විපරිත විනෝදය මේ මොහොතේ පුද්ගලිකව විඳින්න. ඒත් එළිපිට සමාජයක් ඉදිරියේ විනෝද වෙන්න කලින් මවකගේ අහිමි විමක් දරුවෙක්ට කොයිතරම් නම් දැඩි කම්පනයක් අත්පත් කරන්න පුලුවන් ද කියන එක ගැන හිතන්න.
චූලා ඔබ පැතූ සාමය ඔබට ලැබේවා ඔබට සාමකාමී සුව නින්දක් 🙏"
මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?