කුඩු සලිදුගේ ෆයිල් අතුරුදන්වීමත් සමඟ පානදුර අධිකරණයේ පිස්‌කල් හා සිතාසි භාර නිලධාරියා රට පනී
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්සිත ගුණරත්න හෙවත් 'කුඩු සළිඳු'ට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ තීරණාත්මක නඩු ගොනු දෙකක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමඟ, එම අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරියා රටින් පලාගොස් ඇති බව පොලීසිය අනාවරණය කරයි.
අදාළ නඩු ගොනු දෙක අතුරුදන් වීම පිළිබඳව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පසුගිය සැප්තැම්බර් 01 වනදා පානදුර දකුණ මූලස්ථාන පොලීසිය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් 'බී' වාර්තාවක් මඟින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලදී.
කෙසේ වෙතත්, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය පොලීසියට පැමිණිලි කළ පසුදින, එනම් සැප්තැම්බර් 02 වනදා අදාළ පිස්කල් නිලධාරියා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 'කුඩු සළිඳු'ගේ සෘජු මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුවකි.
ලංගම සහ පෞද්ගලක බස් රථ මගීන්ට දැනුවත් කිරීමක් - ඉදිරි සතියේ බස් ධාවනය වෙන්නේ මෙහෙමයි - ඒකාබද්ධ කාලසටහනක්
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මේ වන විට පානදුර අධිකරණයේ සේවයේ නියුතු නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.