තේ දළු නෙළමින් සිටි කාන්තාවකට කඳුකර කොටියෙකු සිදු කළ නස්පැස්තිය

Report

තේ දළු නෙළමින් සිටි කාන්තාවක් කඳුකර කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද (04) මෙම ප්‍රහාරයට ලක්වූ කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා සඳහන් කළේය.

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ තේ වත්තේ තේ දළු නෙළමින් සිටියදී මෙම ප්‍රහාරයට ඇය ලක්ව ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් කාන්තාවගේ ගෙලට සහ අතට තුවාල සිදුව ඇති අතර, කොටියාගේ ප්‍රහාරයෙන් ඇය බිම ඇද වැටී තිබේ.

ගමෙන් එන තරුණ මාධ්‍යවේදීන්ට නව අවස්ථාවක් - ප්‍රාදේශීය මාධ්‍ය ඒකක 340ක් ගොඩනැගීමේ සූදානමක්

ගමෙන් එන තරුණ මාධ්‍යවේදීන්ට නව අවස්ථාවක් - ප්‍රාදේශීය මාධ්‍ය ඒකක 340ක් ගොඩනැගීමේ සූදානමක්

අනතුරුව අවට සිටි වතු කම්කරුවන් කෑගසමින් කොටියා පලවා හැරීමට උත්සාහ කිරීමත් සමඟ එම සත්ත්වයා එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සිද්ධිය ඇසින් දුටු වතු කම්කරුවන් සඳහන් කළහ.

වතු කම්කරුවන් පවසන්නේ තේ වතුවල සේවයේ නිරත වන ඇතැම් පිරිස් සුරතල් සතුන් ලෙස සුනඛයන් ඇති කරන බවයි. එම සුනඛයන් තේ දළු නෙළන ස්ථාන වෙත රැගෙන යාම හේතුවෙන්, ඒවා ගොදුරු කර ගැනීම සඳහා කඳුකර කොටියන් තේ වතු ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන අවස්ථා පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

එවැනි අවස්ථාවලදී කොටියාගේ ගොදුරු කරගැනීමේ ක්‍රියාවලියට බාධා සිදුවුවහොත්, ඒ ආසන්නයේ සිටින පුද්ගලයන්ටද සත්ත්වයාගෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බව වතු කම්කරුවෝ සඳහන් කළහ.

උණුසුම මැද අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ සුළු මොහොතකට පෙර අධිකරණය හමුවට රැගෙන යයි

උණුසුම මැද අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ සුළු මොහොතකට පෙර අධිකරණය හමුවට රැගෙන යයි