මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා සේවයෙන් පහ කරනවා – පොලිස්පති
අපරාධ, මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා වහාම සේවයෙන් පහ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කරයි.
නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතනයක් තුළ එවැනි දූෂිත හා නීති විරෝධී කටයුතුවල නිරත වන නිලධාරීන්ට කිසිසේත්ම රැඳී සිටිය නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවන් බන්ධනාගාරගතව සිටිමින් පිටත සිදුවන අපරාධ සහ ජාවාරම් මෙහෙයවන බවට නිරීක්ෂණය වී ඇති බව ප්‍රකාශ කළ පොලිස්පතිවරයා, බුද්ධි අංශ මඟින් ලබාදෙන තොරතුරු දැඩි ලෙස අධීක්ෂණය කර එම අපරාධ ජාලයන් හඳුනාගෙන ඒවා මර්දනය සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බව ද පැවසීය.
විශේෂයෙන්ම පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර, පාසල් තුළ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට පුහුණු කළ නිල සුනඛයින් යෙදවීමට කටයුතු යොදා තිබේ.
නාමල් අත්අඩංගුවට ගත් පසු රතිඤ්ඤා පත්තු කර බැනර් ගහන්න සූදානමක්? අත්අඩංගුවට ගත්තොත් සේගුනයක් සෙනඟ ගේනවා
එමෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාසල් පරිශ්‍රයන්හි ආරක්ෂාව සහ පරීක්ෂණ සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.
පාසල් දරුවන් මෙම මත්ද්‍රව්‍ය උදුරෙන් මුදාගැනීම සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් සිය දරුවන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳව නිරන්තරයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
මෙරට මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ සැපයුම් ජාලයන් අඩපණ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ 'රටම එකට' ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කමිටු පහක් පිහිටුවා ඇති බවත්, ඒ ඔස්සේ අදාළ සියලු සහායක සේවාවන් අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කෙරෙන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.