මෙරට චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
By Mithu
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් එෆ්යූ ෂිආඕ මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අතර නිල හමුවක් අද (04) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
නාවික හමුදාපති ධුරයේ අලුතින් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වෙත චීන ආරක්ෂක උපදේශකවරයා විසින් සිය උණුසුම් සුභාශිංසන පිරිනමන ලදී.
නාමල් අත්අඩංගුවට ගත් පසු රතිඤ්ඤා පත්තු කර බැනර් ගහන්න සූදානමක්? අත්අඩංගුවට ගත්තොත් සේගුනයක් සෙනඟ ගේනවා
ඉන් අනතුරුව පැවැති සුහද සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙන්ම, දෙරටේ නාවික හමුදාවන් අතර පවතින සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගන්නා ලදී.
මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.