ස්වභාවධර්මය කියන්නේ හරිම භයානක දෙයක්.. ලොවම කම්පා කළ නේපාලේ විනාසය 2009 ම චිත්‍රපටියකට ගහලා.. චිත්‍රපට දර්ශනයක් ලෝකෙම සමාජ මාධ්‍ය කළඹයි [VIDEOS]
ඉකුත් බදාදා දින නේපාලයේ හරහා හමා ගිය විනාශකාරී හදිසි ගංවතුරෙන් පසු 2009 වසරේ තිරගත වූ හොලිවුඩ් ව්‍යසන චිත්‍රපටයක් වන '2012' හි දර්ශනයක් සමාජ මාධ්‍යවල දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.
ඒ අනුව ජීවිත කිහිපයක් බිලිගත් ව්‍යසනයේ දර්ශන, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් සැබෑ ජීවිත විනාශය සහ චිත්‍රපටයේ නිරූපණය කර ඇති ප්‍රබන්ධ ව්‍යසනය අතර සංසන්දනයන් සිදු කරයි.
එසේම ව්‍යසනයෙන් පසු නේපාලයේ කඳුකර භූමි ප්‍රදේශය හරහා ගංවතුර ජලය ගලා යන ආකාරය පිළිබඳ රූප සහ වීඩියෝ මතුවීමත් සමඟ ජෝන් කුසැක් , අමන්දා පීට් සහ චිවෙටෙල් එජියෝෆෝර් රංගනයෙන් දායක වූ 2012 වසරේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදාගෙන තිබෙනවා.
මුළු මහත් ලෝකයම කැළඹූ ඛේදවාචකය ගැන තවත් කැළඹීමක් - නේපාල හදිසි ගංවතුරෙන් ගසාගෙන ගිය සිරුරු ඉන්දියාවේ ගංගාවල
කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ නේපාලය මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් වශයෙන් සැලකෙන මෙම ගංවතුර හේතුවෙන් ප්‍රදේශ කිහිපයකටම දැවැන්ත විනාශයක් සිදුවී ඇති අතර, එයින් ජීවිත විශාල ප්‍රමාණයක් මේ වන විටත් අහිමි වී ඇත.
එවැනි පසුබිමක '2012' චිත්‍රපටයේ පැවිදි හිමිනමක් කඳු මුදුනක පිහිටි දෝංකාර දෙන විහාරස්ථානයක් තුළ වැඩ සිටින අවස්ථාවක් දැක්වෙන දර්ශනයක් X සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස හුවමාරු වෙමින් පවතියි.
එසේම එහිදී උන්වහන්සේ හිමවලින් වැසුණු කඳු මුදුන් පිටුපසින් දැවැන්ත ජල කඳක් නැගී එන අයුරු දකින අතර, ජලය විහාරය කරා ළඟා වී එය මුළුමනින්ම විනාශ කිරීමට පෙර මහා සීනුව දෙවරක් නාද කරන අයුරු දැක්වේ.
මේ අතර අඳාළ වීඩියෝව බෙදා ගත් එක් පරිශීලකයෙක් සඳහන් කර තිබුණේ, "ඒක හරිම පුදුමයි, ඔවුන් '2012' චිත්‍රපටයෙන් මේක කලින්ම පුරෝකථනය කරලා තියෙනවා." යනුවෙන්.
That’s crazy, they already predicted it in the movie 2012 #nepal pic.twitter.com/f5RD62jKsA
— anonymousesr23 (@prisutner) August 26, 2026
එම සටහන විශාල අවධානයකට ලක් ව ඇති අතර, තවත් පරිශීලකයින් කිහිප දෙනෙක්ම නේපාලයේ ගංවතුර දර්ශන බෙදාහදා ගනිමින් එහි සමානකම් පෙන්වා දී තිබීම විශේෂත්වයක්.
ඒ අතර, "මෙම දර්ශනය දකින විට '2012' චිත්‍රපටය හුදු මනඃකල්පිතයක් පමණක්ම නොවේදැයි සිතේ," යනුවෙන් එක් අයෙක් සඳහන් කර ඇත.
එමෙන්ම තවත් අයෙකු ටිබෙට්-නේපාල දේශසීමාව අසල ඇති වූ හදිසි ගංවතුර දැක්වෙන වීඩියෝවක් හැඳින්වූයේ ‘භීතිය දනවන සුළු’ එකක් වශයෙන්.
The scenes fromm Nepal are exactly like the 2012 movie.... https://t.co/kmgcUjon8F
— I AM THE OFFICIAL OPPOSITION (@PossumBlu) August 26, 2026
එය ‘The Day After Tomorrow’ හෝ ‘2012’ වැනි චිත්‍රපටයක දර්ශනයක් බස්නා ස්වභාවයක් ගන්නා බව ඔහු කියා ඇත.
මේ අතර ඇතමුන් පෙන්වා දුන්නේ ව්‍යසන චිත්‍රපට හුදෙක් ප්‍රබන්ධ වශයෙන් සැලකූ යුගය ගෙවී ගොස්, මෙම අසීරු සේයාරූ සහ දර්ශන හේතුවෙන් තමන්ට දැඩි ‘පරිසර කනස්සල්ලක්' ඇති වී තිබෙන බවයි.
තවත් X පරිශීලකයෙක් කියා තිබුණේ "නේපාලයේ හදිසි ගංවතුර මට '2012' චිත්‍රපටයේ මෙම ක්ලිප් එක මතක් කර දෙනවා. ස්වභාවධර්මය කියන්නේ හරිම භයානක දෙයක්" යනුවෙන්.