එක් කෙනෙක්ගේ දුවෙක් එංගලන්තෙට යවලා ගෙයි මාසේ කුලිය විතරක් ලක්ෂ හතරහමාරක්.. යට ඇඳුමක් පවා ගන්න වත්කමක් නෑ කියපු ඇමතිලාගේ පැටිකිරිය රාජිත දිගාරියි [VIDEO]

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අනුර කුමාර දිසානායක මහතා ගමන් කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කරන ලද කාපට් පාරේ බවත්, ඔහු ඉතා වේගයෙන් එම මාවතේ ඉදිරියට යන බවත් පවසන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු කියා ඇත්තේ මාලිමාවේ විධායක සභික ලාල් විජේනායක මහතා පවා වර්තමාන ඇතැම් ක්‍රියාමාර්ගවලට විරුද්ධ බවයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණයක් අමතමින් බව සඳහන්.

ඊට අමතරව රාජිත සේනාරත්න මහතා පෙන්වා දී ඇත්තේ අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් රොටි සහ ලුණු මිරිස් කා දේශපාලනය කළ බව පැවසුවද, අද වන විට ඔවුන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි.

ලංකාව බලා සිටි මොහොත හෙට එළඹෙයි - 22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් නම් කරයි

ලංකාව බලා සිටි මොහොත හෙට එළඹෙයි - 22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් නම් කරයි

විශේෂයෙන්ම, තමන්ට යට ඇඳුමක් පවා මිලදී ගැනීමට වත්කමක් නොමැති බවත්, බැනියමේ හිල් තිබූ නිසා එය වැලේ වැනීමට පවා ලැජ්ජා වූ බවත් පැවසූ වර්තමාන ඇමතිවරැන්ගේ තත්ත්වය ඔහු එහිදී ප්‍රශ්න කර ඇත.

එවැනි ඇමතිවරයෙකුගේ දියණියක් මේ වන විට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන බවත්, එහි සිව් වසරක සම්පූර්ණ ගාස්තු එකවර ගෙවා ඇති බවත් රාජිත සේනාරත්න මහතා එහිදී හෙළි කළ බව වාර්තා වේ.

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

තවද ඇය පදිංචිව සිටින නිවසේ මාසික කුලිය පවුම් 1,000ක්, එනම් රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වන බවත් ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

ඒ පිළිබඳව විමසූ විට, "මගේ සල්ලිවලින් මම දරුවාට උගන්වනවා, තමුසෙලාට තියෙන අමාරුව මොකක්ද?" යනුවෙන් ඔවුන් පිළිතුරු දෙන බවත්, අතීතයේ අන්ත අසරණව සිටි බව පැවසූ අයට මෙතරම් ධනයක් ලැබුණේ කෙසේද යන්න ගැටලුවක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන බව සඳහන්.

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,