ට්‍රම්ප් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නව තීරුබදුවලින් නිදහස් කරයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස් කරන ලද නිෂ්පාදන අතරට ස්මාර්ට්ෆෝන්, පරිගණක, මොනිටර, මෙමරි කාඩ්පත් ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස්ද මෙන්ම සංචාරක උපාංගද ඇතුළත් වන බවය.

මීට හේතුව වී ඇත්තේ මෙම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත බැවින් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට අමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මින් පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ නව තීරුබදු අනුව අමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබූ බවය.

ඊට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකාවේ අලෙවියට තබා ඇති I Phone ජංගම දුරකථනවලින් 80%ක් පමණ චීනයේ නිෂ්පාදිත බැවින් සහ ඉතිරි 20% ඉන්දියාවේ නිෂ්පාදිත බැවින්ය.

බීමතින් සෙනඟත් පුරවාගෙන පොලිස් නිලධාරියට පාට් එකකුත් දාන්න ගිහින්

බීමතින් සෙනඟත් පුරවාගෙන පොලිස් නිලධාරියට පාට් එකකුත් දාන්න ගිහින්

පියාගේ ඝාතකයන්ව ඝාතනය කළ සොහොයුරන් දෙදෙනාට අත්වුණු ඉරණම

පියාගේ ඝාතකයන්ව ඝාතනය කළ සොහොයුරන් දෙදෙනාට අත්වුණු ඉරණම