බීමතින් සෙනඟත් පුරවාගෙන පොලිස් නිලධාරියට පාට් එකකුත් දාන්න ගිහින්

By Zara Apr 12, 2025 05:00 PM GMT
Report

අද (12) යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අනතුරට ලක් කිරීමට උත්සාහ කළ බීමත් බස් රථ රියදුරෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ බස් රථය බණ්ඩාරගම සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් පැවති අතර එහිදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පොලිස් කොස්තාපල්වරයාගේ යතුරු පැදිය දෙසට අපරික්ෂාකාරීව ධාවනය කර තිබෙනවා.

පසුව අදාළ පොලිස් කොස්තාපල්වරයා බස් රථයේ රියදුරුගෙන් මේ සම්බන්ධව විමසා තිබේ.

මෙහිදී සැකකාර බස් රථ රියදුරා විසින් බස් රථයේ තිබූ යකඩ පොල්ලක් රැගෙන අදාල පොලිස් කොස්තාපල්වරයාට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.

පසුව පොලිස් කොස්තාපල්වරයා රථවාහන අංශයට ඒ බව දැනුම් දීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව අදාළ බස් රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී සොයාගත් දේවල්

නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී සොයාගත් දේවල්

හඳුනා නොගත් මළසිරුරු දෙකක් බදුල්ලෙන් හමුවෙයි

හඳුනා නොගත් මළසිරුරු දෙකක් බදුල්ලෙන් හමුවෙයි