රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රිගේ කට නිසා ට්‍රම්ප් තවත් යුද්ධෙකට අර අදී

Donald Trump United States of America Russia Sinhala news Breaking News
By Kaushi Aug 02, 2025 05:27 AM GMT
Kaushi

Kaushi

Report

රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව්ගේ "අතිශයින් ප්‍රකෝපකාරී" ප්‍රකාශයන්ට ප්‍රතිචාර ලෙස න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් "සුදුසු කලාපවල ස්ථානගත කිරීමට" නියෝග කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ "වචන ඉතා වැදගත් වන අතර බොහෝ විට අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකිය, මෙය එවැනි අවස්ථාවලින් එකක් නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් ට්‍රම්ප් පවසා ඇති බවයි.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

එසේම ට්‍රම්ප් අමෙරිකානු හමුදා ප්‍රොටෝකෝලයට අනුකූලව සබ්මැරීන දෙක යොදවා ඇත්තේ කොහේද යන්න සඳහන් කර නැති බව ද සඳහන්.

කෙසේ වෙතත් යුක්රේනයේ සටන් විරාමයකට එකගවන ලෙස හෝ දැඩි සම්බාධකවලට මුහුණ දෙන ලෙස ට්‍රම්ප් මොස්කව් වෙත කළ අවසාන නිවේදනයන්ට ප්‍රතිචාර ලෙස මෙඩ්විඩෙව් මෑතකදී එක්සත් ජනපදයට තර්ජනය කර ඇති බව සඳහන්.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය යනු ලොව වැඩිම න්‍යෂ්ටික අවි ඇති රටවල් සේම රටවල් දෙකටම න්‍යෂ්ටික සබ්මැරීන බලඇණියක් ඇති බවත් සඳහන්.

මේ අතර Truth Social හි ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ "රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපතිවරයා වන රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව්ගේ අතිශය ප්‍රකෝපකාරී ප්‍රකාශ මත පදනම්ව, සුදුසු කලාපවල න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් ස්ථානගත කිරීමට මම නියෝග කර ඇත්තෙමි" යනුවෙන්.  

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

ReeCha