රත්මලාන ගාලු පාරේ වෙළඳසැල් පෙළක ගින්නක් [VIDEO]
By Shehan
රත්මලාන ගාලු පාරේ පිහිටි වෙළඳසැල් පෙළකට මේ වන විට ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් (03) එම ස්ථානයට යොදවා ඇති අතර, මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත්, සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ඉදිරියේදී වාර්තා වනු ඇති බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුළුල් විමර්ශන සිදුකෙරෙමින් පවතී.
A fire has broken out at a row of shops in Ratmalana pic.twitter.com/OFwh7tlmd3
— NewsWire 🇱🇰 (@NewsWireLK) October 17, 2025