කැබිනට් සංශෝධනත් එක්ක අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර්යයන් වෙනස් වෙයි

Report

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව සඳහන්.

එසේම වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉකුත්දා සිදුවූ සංශෝධනයත් සමග මෙම විෂය පථයන් සංශෝධනය කර ඇති බව පවසයි.

ඒ අනුව අඳාළ සංශෝධනවලට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට පවරා තිබෙනවා.

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

එසේම සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට ද, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ද පත්කර ඇත.

එමෙන්ම පරිසර අමාත්‍යංශය යටතේ පැවති භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතටත්, කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පැවති කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතටත් පත්කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන්.

බිලියන හයක් අතුරුදහන් කවුදෝ හොරකම් කරලා - මහජන ආරක්ෂක ඇමති

බිලියන හයක් අතුරුදහන් කවුදෝ හොරකම් කරලා - මහජන ආරක්ෂක ඇමති

තවද බලශක්ති අමාත්‍යංශය යටතේ ඇති ලංකා විදුලිබල සමාගම සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම වශයෙන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙන අතර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වා දුන් නව ආයතන 4 ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර ඉකුත්දා සිදුවූ කැබිනට් සංශෝධනයෙ දී හඳුන්වා දුන් අමාත්‍යංශවල විෂය පථයන් ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.  

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

අඳාළ ගැසට් නිවේදනය පහතින්,

The Sri Lankan government has issued a Gazette notification revising the subjects, functions, departments, ... by rishma