වෙඩි තැබීමේ සිද්දියකට සම්බන්ද දෙන්නෙක් කොටු

Report

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වෙඩි තබා බිය ගැන්වීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සදහන් කරන්නේ ඊයේ (20) දින දහවල් කාලයේ සැකකරුවන් දෙදෙනා මාකවිට හා තම්මිට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි .

එ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු‍ 28 හා 33 වයස්වල පසුවන මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එක් සැකකරුවෙකු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 510 ක් තිබී ඇති අතර අනෙක් සැකකරුවා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19 ක් හා අපරාධයට යොදා ගනු ලැබූ යතුරුපැදියක්ද තිබූ බව  සදහන් වේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි

එක පිට එක වෙඩි ප්‍රහාර හතරක්

එක පිට එක වෙඩි ප්‍රහාර හතරක්