මේක වසංගතයක් ඒ අස්සේ මාලිමා ආණ්ඩුව LGBTQ ප්‍රවර්ධනයට උඩවැඩි දෙනවා - චන්න [VIDEO]
ඇමරිකාවේ කලකට පෙර දැකගත හැකි වූ විවිධ ලිංගික දිශානතීන් ප්‍රවර්ධනය වර්තමානය වන විට ලංකාවේ සිදුවෙමින් තිබෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ මෙයට පෙර ද ශ්‍රී ලංකාවේ මෙවැනිම ආකාරයේ ප්‍රවර්ධනයන් සිදුවුවත් එවක පැවති ආණ්ඩු මැදිහත්ව ඒවා යටපත් කිරීමට කටයුතු කළ බවයි.
එසේ වුවත් වර්තමාන ආණ්ඩුව ඊට එරෙහි නොවෙමින් ඒවා ප්‍රවර්ධනයට අනුබල දෙමින් ඇති බවට ද ආචාර්ය චන්න ජයසුමන චෝදනා කරයි.
එසේම ඔහු පවසන්නේ එය ඇමරිකානු සංස්කෘතියට වසංගතයක් වූ බවත් අවසානයේ දී එම ව්‍යාපෘතිය පරාජය කිරීමට එරට ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපති ධුරයට පත්කරගත් බවත්ය.
මේ අතර විවිධ ලිංගික දිශානතීන් ඉතිහාසය පුරා පැවතිය ද එය ප්‍රවර්ධනය නොකළ බවත් මෙම ප්‍රවර්ධනය පිටුපස සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමේ සහ ඖෂධ ජාවාරම්කරුවන්ගේ අභිලාෂ තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත්තේ සර්වජන බලය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින්.