ගායන ශිල්පී චාමර රණවක ගුවන් යානයේ දී සිදු වූ සියල්ල හෙළි කරයි [VIDEO]
ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවක (10) දින රාත්‍රියේ දී ඩුබායි සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගි වීමට යන අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඉවත් කර ඇති බවට පුවතක් පළ විය.
මෙයට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔහු ඒ මොහොතේ අධික ලෙස බීමත්ව සිටීම සහ කාර්ය මණ්ඩලය සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදු කිරීම නිසා බවයි.
මෙම සිදුවීම මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟම සිදුවීමේ සියලු තොරතුරු වීඩියෝවක් මගින් ප්‍රකාශ කිරීමට ගායනා ශිල්පී චාමර රණවක තීරණය කර තිබේ.
එහිදී ඔහු සඳහන් කළේ ඔහු ෂොට් දෙකක් පමණක් ගහපු බවත් අධික ලෙස බීමතින් සිටියෙ නැති බවත් ය. ඒවගේම ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් සමඟ ඔහු බහින්බස් වීමක් සිදු නොවූ බවත් ඔහු එම නිලධාරීන්ට සැමදා ගරු කරන බවත් සඳහන් කළේය.
ඒ වගේම මාංචු දා ඔහුව රැගෙන නොයන ලෙස ඔහු ඉල්ලූ අතර තමා අධික ලෙස දීමත්ව සිටී නම් බැලුනයක් පිම්බීමට ද සූදානම් ලෙසද මේ අවස්ථාවේ පැවසූ බව ප්‍රකාශ කරයි.
ඒ වගේම සිදුවූ මේ පුංචි සිදුවීම අලලා සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් තමන්ට මඩ ගසමින් ව්‍යාපාරයක නිරත වන බව සඳහන් කෙරවූ ඔහු ඒ සියලු දෙනාටම ආදරේ බවත් අවසානයේ ප්‍රකාශ කළේය.