මධ්‍යම කදුකරය බලා ධාවනය වෙන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
By Shehan
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
හැටන් - නුවරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල මෙන්ම ඒ ආශ්‍රිත අතුරු මාර්ගවල ද ඝන මීදුම් තත්ත්වයක් පවතින බව නෙත් නිවුස් වාර්තාකරු වාර්තා කළේය.
මෙම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා, සෙමින් හා විමසිල්ලෙන් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.