වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මරුට
By Kanchana
වව්නතිව් පොලිස් වසමේ වාදකල්මඩු ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ඊයේ (20) මියගොස් තිබේ.
මෙලෙස මියගිය කාන්තාව වයස අවුරුදු 58 ක්වූ පන්චේන, වව්නතිව් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
තවද විමර්ශනයන්හිදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව සිය නිවසේ ඉදිරිපිට සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් වව්නතිව් පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි .
