තෑගිත් අරන් මහින්ද බලන්න කාල්ටන් ආපු චීන යුවතියෝ [VIDEO]
චීන වෙළඳුන් පිරිසක් ඊයේ (16) තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම කණ්ඩායම සංචාරය අතරතුර හිටපු ජනාධිපතිවරයාට තෑගි ප්‍රදානය කර ඔහුගේ සුවදුක් විමසා සිටි අතර, කොළඹ පිහිටි සිය නිල නිවසින් ඉවත් වී තංගල්ලට ගිය පසු ඔහු බැලීමට පැමිණි පළමු චීන වෙළඳුන් කණ්ඩායම මෙය වීමද විශේෂත්වයකි.
තේ අපනයනය කිරීමේ නිරත මෙම කණ්ඩායම වැලිගම සහ නුවරඑළිය බලා යන අතරතුර මහින්ද රාජපක්ෂ මහතා බැහැදැක තිබේ.