ජීවිතේ පළවෙනි පාරට මෙහෙම දෙයක් කළේ මට ගොඩක් බය හිතුණා - ගිලන් රථය පරක්කු නිසා දුම්රිය වේදිකාවේදී මගියෙක් දරු ප්‍රසූතියට සහය වෙලා [VIDEO]

Report

මුම්බායි නුවර දුම්රිය වේදිකාවක් මත මධ්‍යම රාත්‍රියේදී කාන්තාවකට දරු ප්‍රසූතියට සහය වූ පුද්ගලයෙකුගේ ක්‍රියාව අන්තර්ජාලය තුළ මහත් පැසසුමට ලක්වෙමින් පවතී.

ඒ ඔහුගේ ක්‍ෂණික බුද්ධිය සහ ධෛර්යවන්ත ක්‍රියාකලාපය නිසා ඔහු බොහෝ දෙනාගේ හදවත් දිනා ගැනීමට සමත් වීමෙන්.

ඒ අනුව මෙම සිදුවීම රාම් මන්දීර් දුම්රිය ස්ථානයෙන් වාර්තා වේ. ඒ මධ්‍යම රාත්‍රී 1.00ට පමණ දුම්රියක් තුළදී කාන්තාවකට ප්‍රසව වේදනාව ඇතිවීමත් සමඟයි.

ඒ අනුව එම සිදුවීම සියැසින් දුටු මංජීත් ඩිලෝන් නම් පුද්ගලයෙකු තම ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ පළ කළ සටහනකට අනුව, දුම්රිය තුළ වේදනාවෙන් පෙළෙන කාන්තාව දුටු මෙම පුද්ගලයා වහාම දුම්රියේ හදිසි දංවැල ඇද එය නවත්වා තිබෙනවා.

මගේ බිරිද රෑට නයෙක් වෙලා මාව මරන්න හදනවා - පොලිස් පැමිණිල්ලක්

මගේ බිරිද රෑට නයෙක් වෙලා මාව මරන්න හදනවා - පොලිස් පැමිණිල්ලක්

එසේම එහි සඳහන් වූයේ, "මේ මනුෂ්‍යයා ඇත්තෙන්ම ඉතා නිර්භීත කෙනෙක්. ඒ අවස්ථාවේදී දරුවාගේ සිරුරෙන් අඩක් මවගේ කුස තුළත්, ඉතිරි අඩ පිටතටත් පැමිණ තිබුණා. දෙවියන් විසින්ම ඔහුව එතැනට එවා ඇති බවක් මට සිතුණා" යනුවෙන්.

මේ අතර එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා, "මම ජීවිතේ පළවෙනි වතාවටයි මෙහෙම දෙයක් කළේ. මට ගොඩක් බය හිතුණා, ඒත් මැඩම් කෙනෙක් වීඩියෝ කෝල් එකෙන් උදව් කළා," යනුවෙන් ද පවසන අයුරු වීඩියෝ පටයක සටහන්ව තිබුණු බව සඳහන්.

තවද ඇසින් දුටු සාක්ෂිකරුගේ සටහනට අනුව ඔවුන් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට ඇමතුම් ලබා දුන්නද, ගිලන් රථය පැමිණීමට ප්‍රමාද වී තිබෙනවා.

එබැවින් අවසානයේදී කාන්තා වෛද්‍යවරියකගේ මගපෙන්වීම මත, වීඩියෝ ඇමතුමක් හරහා ලබාදුන් උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිමින් මෙම පුද්ගලයා විසින් දරු ප්‍රසූතිය සාර්ථකව සිදු කර ඇති බව පවසයි.

ඒ අනුව ඔහුගේ එම ධෛර්යය වචනයෙන් විස්තර කළ නොහැකි බවද එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.

ඔන්න දුරකතනයේ රොබෝ හඩ වෙනුවට දීපිකා පදුකෝන්ගේ කටහඩ එනවලු

ඔන්න දුරකතනයේ රොබෝ හඩ වෙනුවට දීපිකා පදුකෝන්ගේ කටහඩ එනවලු

එසේම වාර්තා වූ ලෙසට මින් පෙර මෙම කාන්තාවගේ පවුලේ අය ඇයව ආසන්නයේ පිහිටි රෝහලකට රැගෙන ගියද ඔවුන්ව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා යළි මෙසේ දුම්රියෙන් ගමන් කිරීමට ඔවුන්ට සිදුව ඇත.

එබැවින් "මවක් මෙවැනි තත්ත්වයක සිටියදී රෝහලක් ඇයව ප්‍රතික්ෂේප කිරීම ඇත්තෙන්ම ලැජ්ජා සහගතයි," යනුවෙන් ද මංජීත් ඩිලෝන් සිය සටහනේ සඳහන් කර ඇත.

එසේම එදින රාත්‍රියේ මෙම පුද්ගලයා විසින් මවගේ සහ දරුවාගේ ජීවිත දෙකම බේරාගත් බවත් අනතුරුව සියලු දෙනා එක්ව ඇයව ආරක්ෂිතව රෝහලක් වෙත යැවීමට කටයුතු කළ බවත් ඇසින් දුටු සාක්ෂිකරු ප්‍රකාශ තවදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ අන්තර්ජාල භාවිතා කරන්නන් අදාළ පුද්ගලයාගේ නිර්භීත ක්‍රියාව අගය කරමින් නොයෙකුත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව එක් පරිශීලකයෙකු "ඇඟේ හිරිගඩු පිපෙනවා! මේ වගේ නිර්භීත මිනිසුන් මේ කාලයේ දැකගන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්," යනුවෙන් සටහනක් තබා ඇති අතර, තවත් අයෙකු "නිල ඇඳුමක් නොමැති සැබෑ වීරයෙක්," ලෙස ඔහුව හඳුන්වා ඇති බව ද සඳහන්.

සුදු වෙන්න දගලන හැමෝටම විශේෂ වෛද්‍ය උපදෙසක්

සුදු වෙන්න දගලන හැමෝටම විශේෂ වෛද්‍ය උපදෙසක්