අස්වැසුම නිසා ලොකු ප්‍රශ්නයක්

Report

ශ්‍රී ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන බව 2024 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කරයි.

එහෙත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට “අස්වැසුම” ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කර ඇති පවුල් සංඛ්‍යාව ලක්ෂ 43ක් බව ද ඔහු පවසයි.

ඒ අනුව පන්නිලගේ මහතාගේ අදහස වන්නේ, මෙම ඉහළ ඉල්ලීම් සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ මෙරට ජනතාව “යාචක මානසිකත්වයෙන්” පෙළෙන බවටයි.

එසේම ඔහු විස්තර කර ඇත්තේ මෙය සැබෑ අවශ්‍යතාවක් මත ඇති වූවක් නොව, ආධාර ලබාගත යුතු ය යන පුදුම මානසිකත්වයකින් පෙළෙන තත්ත්වයක් බවයි.

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

එබැවින් මෙම තත්ත්වය රට ආර්ථික ලෙස පමණක් නොව, මානසික ලෙසද ඉතා බරපතළ ආකාරයට දිළිඳු වී ඇති බවට සාක්ෂි සපයන බව ඔහු අවධාරණය කරයි.

එනිසා මෙම මානසික දිළිඳුකම ක්ෂුද්‍ර මට්ටමින් පමණක් බැලීම සුදුසු නොවන බව පන්නිලගේ මහතා කියා සිටියි.

මෙයට දේශපාලන ක්ෂේත්‍රය තුළ පැවති සංස්කෘතියක්ද බලපා තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

එබැවින් රටේ ජනතාව සහ දේශපාලනඥයන් විසින් නිර්මාණය කර තිබෙන මෙම මානසික සහ දේශපාලන ව්‍යුහයෙන් ගැලවීමට නොහැකි වුවහොත් මෙරටට ඉදිරියට යාමට නොහැකි වනු ඇති බව ඔහු අවධාරණය කරයි.

රත්තරං තියෙන අයට සුබ ආරංචියක් - දැන් උකසකට මෙච්චරක්

රත්තරං තියෙන අයට සුබ ආරංචියක් - දැන් උකසකට මෙච්චරක්

කාලෙකට පස්සේ රනිල් ලුණු ඇඹුල් ඇතුව අමතයි

කාලෙකට පස්සේ රනිල් ලුණු ඇඹුල් ඇතුව අමතයි