රජයේ සියලුම මාර්ගගත සේවාවන් ගැන නිවේදනයක්
තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව සඳහන් කරයි.
ඒ අනුව එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ පටන් සාමාන්‍ය පරිදි ජනතාවට භාවිතා කළ හැකි බවයි.
පසුගියදා 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ඇති වු අක්‍රියතාවක් නිසා රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට තාවකාලිකව බාධා එල්ල වී තිබුණා.
ඒ අනුව රාජ්‍ය ආයතන 34ක පමණ සේවාවන්වලට සතියකට වැඩි කාලයක් මේ නිසා බලපෑම් එල්ල වූ බවට තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වාර්තා කළා.
කෙසේ වෙතත් පැවති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරමින් පද්ධතියේ ස්ථාවරත්වය මේ වන විට තහවුරු කර තිබෙනවා.
එසේම බිඳ වැටුනු සේවාවන් අදියර වශයෙන් සක්‍රීය කිරීමත් පියවර ගෙන ඇත.