සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි

Report

ඉෂාරා සෙව්වන්දි සමඟ නේපාලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ පිරිස අතර සිටි ගම්පහ බබා නැමැත්තාගෙන් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතන තැතක් පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ඇත.

ඒ අනුව අඳාළ සැකකරු කියා ඇත්තේ කෙරවලපිටිය අධිවේගි පිවිසුම අසල කාණුවක තිබි සොයාගත් T56 වර්ගයේ ජීව උණ්ඩ පනහක පමණ ප්‍රමාණය ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට කෙහෙල්බද්දර පද්මේ සූදානම්ව සිටි කාලයේදී තමන්ට ලබාදුන් ඒවා බවයි.

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේ විසින් එම උණ්ඩ තොගය තමා සතුව තබාගන්නා ලෙසත් අවශ්‍ය විටදී ඒවා නැවත ලබාගන්නා බවත් කියූ බවට ගම්පහ බබා නම් තැනැත්තා හෙළි කර ඇත.

දුරකථනයෙන් ලොකු ලොක්කොන්ගේ නම් එළිවෙයි - ඉෂාරාව බේර ගන්න පද්මේගේ කල්ලියක් දත කයි

දුරකථනයෙන් ලොකු ලොක්කොන්ගේ නම් එළිවෙයි - ඉෂාරාව බේර ගන්න පද්මේගේ කල්ලියක් දත කයි

මේ අතර ගම්පහ බාබා නැමැත්තා මෙරට රැඳි සිටි සමයේදී සුඛෝපභෝගී නිවාසවල රැඳී සිට ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන අතර ඒවා රුපියල් ලක්ෂය ඉක්මවූ මාසික කුලී පදනම මත රැඳී සිටි ඒවා බවද සඳහන්.

මෙහිදී එම නිවාසවල කුලිය කෙහෙල්බද්දර පද්මේ විසින් ගෙවා ඇති බවට විමර්ශකයින් සැක පළ කරයි.

එසේම වැඩිදුර විමර්ශනවලට ගම්පහ බබා නැමැත්තාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව වාර්තා වේ.

තවද ගණේමුල්ල සංජීවගේ ඝාතනයෙන් අනතුරුව දින කිහිපයක් සැඟව සිටි බව කියන ස්ථාන පරීක්ෂා කිරීමට ඉකුත් සෙනසුරාදා (18) දින කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගිය ඉෂාරා සෙව්වන්දි තවදුරටත් එම ප්‍රදේශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා