ලොව බලවත්ම මිලිටරි සංවිධානයෙන් අමෙරිකාව අයින් වෙන්න යයි - ලොවක් බලන් සිටි හේතුව මෙන්න
වසර 75කට වැඩි අතීතයක් ඇති ලොව බලවත්ම මිලිටරි සංවිධානය වශයෙන් සැලකෙන 'නේටෝ' (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සංවිධානයෙන් ඉවත්වීමට අමෙරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉරානට එරෙහි යුද්ධයට සම්බන්ධ වන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම නේටෝ වෙතින් සිදුකරන ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බව සඳහන්.
'ටෙලිග්‍රාෆ්' පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනපති ට්‍රම්ප් මේ බව ඉඟිකර තිබෙන අතර, එහිදී ඔහු නේටෝවෙන් අමෙරිකාව ඉවත් කරගැනීම 'දැඩි ලෙස සලකාබලන' බව සඳහන් කළ බව වාර්තා වේ.
එසේම ඔහු නේටෝ සංවිධානය "කඩදාසි කොටියෙකු"ට සමාන කර ඇති අතර, එක්සත් රාජධානියට නාවික හමුදාවක් නොමැති බවත් කියා ඇත.
"මම කවදාවත් නේටෝවෙන් බලපෑමට ලක් වුණේ නැහැ. මම හැම විටම දැනගෙන හිටියා ඔවුන් කඩදාසි කොටියෙක් කියලා, ඒ වගේම පුටීනුත් ඒක දන්නවා" යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.
යුද උණුසුම ගිනියම් කරමින් හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර - ලෝකෙටම වටින තවත් සමුද්‍ර සන්ධියක් වහන්න යයි