මැදපෙරදිග උණුසුම් කරමින් කටාර් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නෞකාවකට ප්‍රහාරයක්
By Kanchana
කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව එක්සත් රාජධානියේ සමුද්‍රීය ඒජන්සිය සදහන් කර තිබේ.
එම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ පැත්තකට හානි සිදුව තිබෙන බව වාර්තා වේ තවද එහි සිටි සේවක පිරිසට කිසිදු අනතුරක් වී නොමැති බව සඳහන්ය .
නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමක් වැනි කිසිදු පාරිසරික හානියක් සිදුව නෙමැති බව ද බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මේ අතර මීට දිනකට පෙර ඩුබායි වෙරළ ආසන්නයේ තිබූ තවත් විශාල තෙල් නැවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි හටගත් ගින්න පසුව නිවා දමා තිබේ