මැයි මාසයෙන් සංචාරක කර්මාන්තයේ වාර්තාගත ආදායමක්
සංචාරක කර්මාන්තය මඟින් 2025 මැයි මාසයේදී ඩොලර් මිලියන 164.1ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.
පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව 6.6%ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.
සංචාරක කර්මාන්තය මඟින් පසුගිය වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 154ක ආදායමක් උපයා තිබෙනවා.
රජය මේ වසරේ අවසානයේ සංචාරක ව්‍යාපාරයෙන් ඉපයීමට අපේක්ෂා කර ඇති ආදායම ඩොලර් බිලියන 05ක් බවයි වාර්තා වන්නේ.