වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ඉහළට

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය හේතුවෙන් ඇතිවන වේදනාවන් සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතා කරන ලෙසයි.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,505 ක් වාර්තා වී ඇති බවයි එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසන්නේ.

එසේම මේ දක්වා මරණ 13ක් වාර්තා වී ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවා.

නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්

නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරිය මේ බව කියා සිටියේ.

වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දැඩි අවධානමක ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කද ඩෙංගු ව්‍යාප්තියේ වැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. 

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්