අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

By Mithu Jun 09, 2025 01:49 PM GMT
Report

ජල කප්පාදුවක්පෑ පිළිබඳ වාර්තා වෙයි. ඒ අනුව පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට අනිද්දා (11) උදෑසන 8.30 සිට, පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

ඒ, බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය, ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම මෙන්ම වැඩිදියුණු කිරීම හේතුවෙනි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොටසකට, ජල සැපයුම අත්හිටුවේ.

ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සේවා අවහිර කරයි

ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සේවා අවහිර කරයි