අලි ඇත්තුන්ට හෙට දවස විශේෂයි

Report

ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා ප්‍රකාශයට පත්කළ 'ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය' හෙටට (අගෝස්තු 12) යෙදී ඇත.

ඒ අනුව අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු අරමුණ කරගනිමින් 2012 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

එදා සිට මේ වන තුරු ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම දිනය පිළිගෙන සමරනු ලබයි.

එසේම සොබාදහම සංරක්‍ෂණය වෙනුවෙන් වූ ජාත්‍යන්තර සංගමයට අනුව (IUCN) වර්තමානය වන විට අප්‍රිකානු අලි 'අවදානමට ලක්විය හැකි' බවටත් ආසියානු අලි 'වඳවීමේ තර්ජනයට ලක්ව ඇති' බවටත් රතු ලැයිස්තුවේ ලැයිස්තුගත කර තිබෙන බව සඳහන්.

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

එමෙන්ම වර්තමානය වනවිට අප්‍රිකානු අලිඇතුන් ලක්ෂ 4ක් පමණද ආසියානු අලිඇතුන් 50,000කට ආසන්න සංඛ්‍යාවක්ද සිටින බවට ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ.

මේ අතරින් ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වනඅලි ගහනය 7,500ක් බව පවසයි.

පාසල් නිවාඩු කාලයත් සමග දරුවන් අතර මාරාන්තික රෝගයක්

පාසල් නිවාඩු කාලයත් සමග දරුවන් අතර මාරාන්තික රෝගයක්