ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල[VIDEO]

Prime minister Udaya Gammanpila Bimal Rathnayake Harini Amarasuriya Sinhala news
By Kaushi Aug 11, 2025 09:49 AM GMT
Kaushi

Kaushi

Report

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා විසින් “සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව” විදේශීය ආයෝජනයක් මිස ලංකා ආණ්ඩුවේ හෝ රාජපක්ෂවරුන්ගේ ආයෝජනයක් නොවන බවට ඉකුත් අගෝස්තු 6 වන දින හරිනි අමරසූරිය අගමැතිනිය විසින් පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය ඇමතිවරයෙක් වන වසන්ත සමරසිංහට මහතාට නිවැරදි කල නොහැකි බව ප්‍රකාශ කරයි.

අගමැතිනි හරිනි නිසා මාලිමාව දෙකට කැඩෙයි? මාලිමාවට 2/3 බලයත් අහිමිද?

අගමැතිනි හරිනි නිසා මාලිමාව දෙකට කැඩෙයි? මාලිමාවට 2/3 බලයත් අහිමිද?

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය අමතමින්. එසේම ඔහු තවදුරටත් කියා සිටියේ අගමැතිනියගේ ප්‍රකාශය නිවැරදි කළ හැක්කේ අගමැතිනියටම හෝ ජනාධිපතිවරයාට පමණක් බවයි.

එමෙන්ම කිසිම රටක, කිසිම කලක, අගමැතිවරයෙකුගේ ප්‍රකාශයක් මෙසේ කනිෂ්ඨ ඇමතිවරයෙකු නිවැරදි කර නැති බවද ඔහු පවසයි.

වාහනයක් ගන්න ඉන්නවද? හීනයක් තමයි ලෝක බැංකුවම කියයි

වාහනයක් ගන්න ඉන්නවද? හීනයක් තමයි ලෝක බැංකුවම කියයි

මේ අතර අගමැතිනිය ඉවත් කර ජවිපෙන් අගමැති තනතුරට ඇමති බිමල් රත්නායක මහතා පත් කරගැනීමට බලාපොරොත්තු වන බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ ජවිපෙ නායකයින් අද උත්සාහ කරන්නේ අගමැතිනියට ප්‍රහාර එල්ල කර ඇයව කලකිරීමට පත් කර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන තැනට ඇය තල්ලු කිරීමට බවයි.

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න