අද ශ්‍රී ලංකා ජනරජ දිනය

Report

අද 22 දා ශ්‍රී ලංකා ජනරජ දිනයයි.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1972 මැයි 22 අද වගේ දිනයක.

බදුල්ලෙ අයියා මලෝ ගැටුමේ වීරයන් ගැන පොලිසිය කිව්ව කතාව

බදුල්ලෙ අයියා මලෝ ගැටුමේ වීරයන් ගැන පොලිසිය කිව්ව කතාව

අවුරුදු සියයකට වැඩි කාලයක් මෙරට අහිමි වුණ පූර්ණ නිදහස, ස්වෛරීභාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය නැවතත් ශ්‍රී ලංකාවටම ලැබුණු බැවින් එය මෙරට ඉතිහාසයේ වැදගත් ම සන්ධිස්ථානයක් වේ.

උඩරට ගිවිසුමෙන් 1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණ දා සිට මෙරට පරමාධිකාරී බලය පැවරුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙතයි.

එදා ඉඳන් මෙරට පාලනය බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය පත්කර එවූ ආණ්ඩුකාරවරයෙකු අතට පත් වුණා.

එවන් වකවානුවක 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට බ්‍රිතානයෙන් නිදහස ලැබුණත් ඒ නිදහස ඩොමිනියන් තත්ත්වයේ නිදහසක්.

එහෙත් 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමඟ බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස තිබූ ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලබනවා.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ඒ දිනය ජනරජ දිනය ලෙස හඳුන්වනවා.

ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රාජ්‍යයෙන් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත් වෙලා අද දිනට වසර 53ක් සපිරෙනවා. 

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට