ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

Report

මේ අවුරුද්දේ Miss World තරගාවලිය තරම් වෙන කිසිම අවුරුද්දක Miss World තරගයක් ගැන ලංකාවේ මිනිස්සු මේ තරම් උනන්දු වෙලා නැති විත්තිය සමහර විට ලෝකෙ මිනිස්සුත් දන්නවා ඇති.

මොකද අපේ රට නියෝජනය කරන අනුදි ගුණසේකර ඒ තරම්ම රටේ අවදානය දිනා ගෙන ඉවරයි.

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

ඒ අතරේ ඊයෙ ජාත්‍යන්තර වේදිකාවෙ තිබ්බ ඇයගේ Head to Head Challenge එකේ කතාවටත් ලොකු අවදානයක් හිමි වුණා.

හැබැයි අනුදිගෙ කතාව රටක් විදිහට අපිට ගොඩක් වටිනවා වුණත් ලෝකයක් හැරිලා බැලුව සෝමාලියානු රූ රැජිණ සෙනීබ් ජමාගේ කතාව තරම් ඒක වටින්නේ නැහැ කියලා එක එක අදහස් මතු වෙන්න අරන්.

අනුදි කතාව ඉංග්‍රීසියෙන් කළත්, මෙලෝ දෙයක් තේරුණේ නැති වුණත් ඇයට ආදරේ කරන රටේ හැමෝම ඒ කතාව ඇහුවා.

මොකද ඇගේ පෞරුෂය ඒ තරම් ආකර්ශනීයයි.

හැබැයි සෝමාලියානු රූ රැජිණ තමන්ගේ රටටම අභියෝග කරමින් දැවැන්ත ප්‍රශ්නයක් ගැන කතා කළාට අනුදිගේ කතාවේ ඇයට මේ වන විට හුරේ දාන දූපත ඉලක්ක කරගත්ත එකක් වුණා කියලයි ආරංචි වෙන්නේ.

විශේෂයෙන්ම කතාව ඇතුළේ තිබ්බ ජ්‍යෙතිෂ්‍යකරුවෙක් ඇය ගැන කියපු අනාවැකිය කියන්න ගිහින් අනුදිට තමන්ගේ රට, ඇගේ Beauty with Purpose ව්‍යාපෘතිය ගැන කියන්න තිබ්බ කාලේ අපරාදේ විනාස කර ගත්තා වගේ කතාවක් දැන් ඇහෙනවා.

ඉතින් අනුදි මේ වෙලාවේ ඉන්නෙ ජාත්‍යන්තර තරගයක. ඒ වගේම මේ තරගය ගොඩක් ප්‍රබලයි.

සක්විතිට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

සක්විතිට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

ඒ නිසා රටේ ප්‍රේක්ෂකයන්ව පිනවන්න යන්නෙ නැතුව ඉදිරි වටවලදී මීටත් වඩා හොඳින් තරගයට අවධානය දෙන්න කියලා විවිධ අදහස් සමාජ මාධ්‍යයෙන් වැටෙනවා.

කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ අනුදි ගුණසේකර මේ වෙද්දිත් ලොකු දුරක් ඇවිත් ඉවරයි.

ඉතින් ඉදිරියටත් ඇයට ආවා වගේම ප්‍රබල තරගයක් දෙන්න පුළුවන් වෙන්න කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ.

ඒ වෙනුවෙන් ලංකාවේ මිනිස්සුන් හැමෝම ඇය එක්ක බවත් ඇය අමතක කළ යුතු නැහැ.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට