බදුල්ලෙ අයියා මලෝ ගැටුමේ වීරයන් ගැන පොලිසිය කිව්ව කතාව
බදුල්ලෙ අයියා මලෝ ගැටුම හැමෝම දන්නවනේ.
පෙරේදා බදුල්ල බස් නැවතුමට ආසන්න රජවීදීය පදික වේදිකාවේදී සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම තමයි ඒ.
තමන්ගෙම අයියගෙන් මරණීය තුවාල ලබපු 48 හැවිරිදි මල්ලි තවමත් පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව තමයි වාර්තා වෙන්නේ.
කොහොම වුණත් සමාජ මාධ්‍යවල ඒ පිළිබඳ වීඩියෝ සංසරණය වීමත් සමඟ ගොඩක් අය එතනදි නිර්භීතව මැදිහත් වෙලා එම පුද්ගලයා මෙල්ල කරන්න සමත් වුණ විරුවන් දෙන්නෙක් ගැන කතා වෙනවා.
ගැටුම වෙලාවෙදි ගොඩක් අය තියුණු ආයුධයක් අරන් හිටපු පුද්ගලයාට ළඟා වීමට බිය වුවත් එම වෙලාවේ තමන්ගේ ජීවිතය ගැනවත් හිතන් නැතුව අවදානමක් ගත්ත මේ දෙන්නා ගැන පොලිසියෙනුත් ප්‍රශංසනාත්මක සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ.
එම සටහන පහතින්..