පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට තර්ජන...
Sri Lanka Police
Sri Lanka
Gun Shooting
Deshabandu Tennakoon
By Parami Dissanayake
අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට තර්ජන එල්ල වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රචාරය කර එම නිලධාරීන් ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බව ද ඔහු පැවසුවේ ය.
අද (11) මාධ්‍යට අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළ අතර එසේ තර්ජන තිබුණ ද කිසිදු විටෙක පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරියන් පසුබට නොවන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
විශේෂයෙන් සමාජයේ සංසරණය වන නීති විරෝධි ගිනිඅවි පොලිස් භාරයට ගැනීම සඳහා කටයුතු කරන බවද පොලිස්පතිවරයා පැවසීය.
