විජේට කච්චතිව් දූපත යටත් කරගන්න දෙනවද? මෙන්න ආණ්ඩුවේ මතය

Report

මෙවන විට ඉන්දියාවට මැතිවරණ කාලසීමාව උදා වී ඇති අතර විවිධ අපේක්ෂකයන් මැතිවරණය සඳහා දේශපාලන රැලි සහ සාකච්ඡා පවත්වයි. ඒ අතරින් දමිළ සිනමාවේ බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත් තලපති විජේ ද අපේක්ෂකයෙක් වශයෙන් ඡන්දය ඉල්ලීමට සූදානම් බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ඔහුගේ ඡන්ද රැස්වීමකට අවම ලක්ෂ පහකට නොඅඩු පිරිසක් සහභාගී වන බවත් ඔහු එවැනි දේශපාලන රැස්වීමක් අමතන අවස්ථාවකදී ලංකාවේ කච්චතිව් දූපත ගැනත් සඳහනක් සිදු කර තිබේ. ඔහුගේ ප්‍රකාශයට අනුව කච්චතිව් දූපත ඉන්දියාවට යටත් කර ගැනීමේ අරමුණක් ඔහු තුළ තිබේ.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කරපු රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කරපු රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

මේ ප්‍රකාශය ඔහු සිදු කෙරූ අවස්ථාවේදී ලංකාවේ බොහෝ දෙනා ඔහුට විරුද්ධව අදහස් දැක්වූ අතර මාධ්‍යවේදීන් විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් මේ පිළිබඳ අදහස් විමසීය. මාධ්‍යවේදීන් සඳහන් කරන ආකාරයට මෝදි ලංකාවට ඇවිත් ගිය අවස්ථාවේදී ඇත්තටම සාකච්ඡා කළේ මොනවාද එකඟ උනේ මොන වගේ කරුණුවලටද යන්න පිළිබඳව පැහැදිලි විස්තරයක් නොමැති නිසා ඇත්තටම කච්චතිව් දූපත ඉන්දියාවට පූජා කරන්න රජය සූදානම්ද කියලා ඔවුන් ප්‍රශ්න කළේය.

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

ඒ අවස්ථාවේදී අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ විජය දේශපාලන වේදිකාවල මොන කතා කිව්වත් කච්චතිවු දූපත ඉන්දියාවට යටත් කර ගැනීමට ශ්‍රී ලංකාව කිසිසේත් ඉඩ නොදෙන බවයි. ඉන්දියාවේ කාලෙන් කාලෙට දේශපාලන වේදිකාව තුළ බොහෝ දෙනා මෙවැනි වීර කතා කිව්වත් ඒවා ඉටුකර ගැනීමට කිසිසේත් හැකියාව නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න තවදුරටත් රිමාන්ඩ්

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න තවදුරටත් රිමාන්ඩ්