අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්, සජිත් රනිල්ව බලන්න ඉස්පිරිතාලෙට දිව්ව හේතුව අර්ච්චුනාගේ කටින් පනී
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද දින විපක්ෂ නායකවරයාගේ ආරාධනාවක් අනුව විපක්ෂ නායක කාර්යාලයට පැම්ණ තිබෙනවා. එහිදී මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දක්වා ඇත.
ඒ අනුව ඔහු සඳහන් කළේ විපක්ෂය ලෙස එකට කටයුතු කරන මෙන් විපක්ෂ නායක තුමා පැහැදිලි කළ බවයි.
එසේම මෙම සාකච්ඡාවෙන් රනිල් සජිත් එකතු වෙලා දේශපාලන ගමනක් යයි ද? යනුවෙන් නැඟූ පැනයට ඔහු කියා සිටියේ,
" දැන් ජනතාව එහෙම ඉල්ලීමක් කරනවා. මම විශ්වාස කරනවා ජනතාවගේ ඉල්ලීමට එහෙම එකක් වෙයි කියලා. ඊයේ බිමල් රත්නායක ඇමතිතුමා කියලා තිබ්බා මිනිස්සුන්ව පෙන්නලා අධිකරණ තීන්දුව වෙනස් කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ තීන්දුව විපක්ෂය මිනිස්සුන්ව පෙන්නලා අධිකරණය රැවැට්ටුවා කියලා. ඒ වගේ කෙළින්ම අධිකරණයකට අපහාසයක් කරන එක සම්පූර්ණ වැරදි වැඩක්, අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ..අධිකරණයට කෙළින්ම මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්..." යනුවෙන්.
