රනිල් හිටියේ බෙල්ලනගේ වාට්ටුවේ නෙමෙයි ඔහුට එහෙම නියෝග නිකුත් කරන්න කිසි අයිතියක් නෑ -වෛද්‍ය හංසක විජයමුණි
අසනීප තත්වයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර ලබන රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විටින් විට කරුණු කාරණා හෙළි කළ ජාතික රෝහලේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන්වේ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසයි. ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පහත ආකාරය අදහසක්,
"රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ජාතික රෝහලේ.ඔහුට එහෙම නියෝග නිකුත් කරන්න කිසිම අයිතියක්. එයාගේ ෂෙක්ෂන් එකේ නෙවෙයි අර මහත්මයා හිටිය ඇඩ්මිට් වෙල.අපිට රෝගී ආපුවහම අපි රෝගියා වෙනුවෙන් උපරිම දේ කරනවා.
නමුත් ජාතික රෝහලේ ඔය කියන පුද්ගලයා කරන්නේ එයාට අයිති නැති ජොබ් එකක්.ඒ ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කරන්න ඕනේ.මොකද රෝගියෙක්ගෙ තොරතුරු ඔහු කුමන තරාතිරමක පුද්ගලයෙක් වුණත් ජනමාධ්‍යයට ලබාදීම කිසිසේත් කළ නොහැකිය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සංවිධායකවරයෙක් හෝ සාමාජිකවරයෙක් වශයෙන් පසුගිය කාලයේ සඳහන් වුණා ඇත්තටම ඔහු එහෙම නම් ඔහුට රජයේ සේවකයෙක් විදිහට කටයුතු කරන්නත් බැහැ.
ඔහුට දේශපාලන අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්.නමුත් සමහර ඔහුගේ ක්‍රියා කලාප නීත්‍යානුකූල නැහැ. ගැලපෙන්නෑ. ඒවගේම හිටපු ජනාධිපතිවරයා පිළිබඳ ඔහුට කෙසේ වෙතත් නිවේදන නිකුත් කිරීමට නොහැකි බවත් ඒ ප්‍රකාශ කෙරූ නිවේදන සමහරක් සාවද්‍ය බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
