කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් විවෘත කෙරේ...

Report

අද (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කෙරුණා.

ඒ සදහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක් වියදම් කර ඇති බව සඳහන් වේ.

ගිනි අවිය දමා පලා ගිය කොස්තාපල්ගේ වැඩ තහනමකට...

ගිනි අවිය දමා පලා ගිය කොස්තාපල්ගේ වැඩ තහනමකට...

මෙම පාලම ඉදිකිරීමේ අරමුණක් ලෙස දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම දැක්වේ.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.

නේටෝ සංවිධානයෙන් යුක්‍රේනය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක්...

නේටෝ සංවිධානයෙන් යුක්‍රේනය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක්...

ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතියේ නිමවීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමි වේ.