මේක ඇහුවොත් උක් ගොවීන්ට සතුටු හිතෙයි, ඔන්න ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්න ජනපති දුන්න තීරණේ

Anura Kumara Dissanayaka Sri Lanka Economic Crisis Money Sugar Sinhala news
By Kaushi Aug 27, 2025 01:33 PM GMT
Kaushi

Kaushi

Report

කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලුම මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම ඉක්මන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව අද (27) දින පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත් වූ අවස්ථාවේදීයි.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතවරයා අදාළ නිලධාරීන්ට මෙසේ උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර ඔහු තවදුරටත් උපදෙස් දී ඇත්තේ කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන දැනට සපයනු ලබන සේවාවන් නිශ්චිතව හඳුනාගෙන ඒ සඳහා පිහිටුවා ඇති සියලු ආයතන ක්‍රියාකාරිත්වය මත ඒකාබද්ධ කිරීමේ සැලසුම් ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසත්, තවදුරටත් මහජනතාවට ලබා දිය යුතු සේවාවන් පිළිබඳ සොයා බලා සැලසුම් ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම මෙහිදී පුළුල්ව මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමත්, ජාතික ආර්ථිකයට වන ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු, අභියෝග සේම ඉදිරි සැලසුම් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

තවද කර්මාන්ත කලාප පිහිටුවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සහන ලබාදීම සහ අපනයන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

එසේම කර්මාන්ත අංශ දියුණු කිරීමට ඉහළ බලපෑමක් සහිත ඉඩම් සංවර්ධනය කර කර්මාන්තකරුවන්ට ලබා දීමේදී මේ වන විට පවතින ක්‍රමවේදය මත කර්මාන්තකරුවන්ට මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයටද මුහුණ දීමට සිදුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසදුම් පිළිබඳවද සාකච්ඡා කර ඇත.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන ණය ලබා දීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා ගැනීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්