කෘමි උවදුර පාලනයට කඩිනම් පියවර...

Sri Lanka Parliament Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Ministry of Agriculture
By Parami Dissanayake Jul 11, 2024 05:46 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අද (11) වැනිදා පාර්ලිමේන්තු කමිටු අංක ශාලාවේ දී පැවැති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කෘමින් පාලනය පිළිබඳව අදහස් පළ කළේය.

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් විවෘත කෙරේ...

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් විවෘත කෙරේ...

ඒ අනුව එතුමා පොල් හා තැඹිළි වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක දී කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

නේටෝ සංවිධානයෙන් යුක්‍රේනය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක්...

නේටෝ සංවිධානයෙන් යුක්‍රේනය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක්...

සුදු මැස්සාගෙන් හා අනෙකුත් කෘමින්ගෙන් පොල් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව ඒකාබද්ධ වැඩ සටහනක් මාසයක් ඇතුලත අරඹන්නැයි ද ඒ සඳහා වැය වන මුදල් පොල් සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය.  

ReeCha