උතුරේ ජනතාවට අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ලබා දෙනවා

Report

පළාත් සභා සහ පළාත් පාලන කටයුතු සම්බන්ධව පළාත් මට්ටමින් පවත්වනු ලබන ප්‍රගති සමාලෝචන සමුළු මාලාවේ සිව් වන සමුළුව උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් අද (27) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්වුණා.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන්ට පවතින ගැටළු හඳුනාගෙන ඒවාට මූලික පිළියම් සිදු කිරීම සඳහා සාකච්ඡා වූ අතර ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමත් එමෙන්ම මීළඟ අය වැය වෙනුවෙන් පළාත් සභා සහ පළාත් පාලන නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමත් සිදුකෙරුණා.

විජේට කච්චතිව් දූපත යටත් කරගන්න දෙනවද? මෙන්න ආණ්ඩුවේ මතය

විජේට කච්චතිව් දූපත යටත් කරගන්න දෙනවද? මෙන්න ආණ්ඩුවේ මතය

අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න ප්‍රකාශ කළේ පවතින විශාලම ගැටලුව වන නිලධාරී හිඟය පියවීමට අයවැයෙන් වෙන්වී තිබූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ සේවයට බඳවා ගැනීමට කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බවයි. සියලුම පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ඇතුළු ආයතනයන්හි ඇති රථවාහන ගැටලුවට පිළියමක් ලෙස වාහන 2,000ක් ලබාදීමට ද කටයුතු කෙරෙමින් පවතින බවයි ඔහු පවසන්නේ.

ඊට අමතරව නවීන පරිගණක උපාංග ද ලබාදීමට කටයුතු කෙරෙමින් පවතින අතර මානව සම්පත හා භෞතික සම්පත් නොමැතිව අප අපේක්ෂා කරන සංවර්ධන ඉලක්ක වෙත යාම සිදුකළ නොහැක්කක් බවද ඔහු පවසනවා.

උතුරු පළාතේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායකත්වය 4.1%ක් ද, විරැකියාව 5%ක් ද, දරිද්‍රතාවය 7.7%ක් ද වන අතර පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රා යන ගමනේදී මෙම අගයයන් සුබවාදී අගයයන් දක්වා විචලනය විය යුතු බවත්, 2025 වසරේදී සමස්ත අයවැයෙන් අන් කිසිදු පළාතකට වෙන් නොවූ රුපියල් මිලියන 13, 623ක් ඇති බැවින් මෙම මුදල් ඵලදායී අයුරින් වැය කිරීමේ විශාල අභියෝගයට සාර්ථකව මුහුණ දිය යුතු බවත්‍ ආචාර්ය අබයරත්න සඳහන් කළා.

අද මේ වෙලාවේ ඉඳන් ලංගමත් වර්ජනයක්

අද මේ වෙලාවේ ඉඳන් ලංගමත් වර්ජනයක්

උතුරු පළාතේ සංවර්ධනය විශාල කාලයක් ඇනහිට තිබූ නමුත් වර්තමාන ජාතික ජන බලවේග රජය උතුරු පළාතේ ජනතාවට අහිමි වූ ජීවිත හැර අනෙක් සියලු දේ ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යතුමා ප්‍රකාශ කළේ.